Monday, August 10, 2009

නොනිදනා සිත


නොනිදනා සිත ළගින්
කාන්සිය මුදාහල,
ඔබයි දිවියෙහි කවිය
හැමදාම ලියත හැකි...
මියෙදනා සිහිනයක
ඉකිබිදින පැතුම ළග,
ඔබයි නිරතුරැ සවිය
ආදරේ විදිත හැකි...
හුදෙකළා රාත්‍රියේ
කදුළකින් ළය තෙමෙන,
ඔබයි සුවදැති කුසුම
නෙතු වසා සිඹිත හැකි...
නොමියෙනා සෙනෙහසින්
මතකයට වී සුරැකි,
"ඔබයි මගේ ටජ් මහල"
බල බලා මියෙත හැකි...

No comments:

Post a Comment