Sunday, May 3, 2020

එන්න පය ගසා ඇවිදින්න

සුදු මැණිකේ


ඉර පෙවිලා වලා සලු‍වේ
කුසුම් පිපි මල් හිනැහේ
ඔබේ ඇස් ළග ලොවම මැවේ
ඔබයි දිවියක් ගෙනත් තැබුවේ

(චිත්‍රය අන්තර්ජාලය ඇසුරෙනි)

Saturday, August 15, 2009




මිහිමඩල මත අසරණව ගිය,
පෙර දිනක මා
ඹබ ළය මත
මුව හොවාගෙන
සෙවු සෙනෙහස
තිබුනි උතුරාමහමෙරක් ලෙස....

(චිත්‍රය අන්තර්ජාලය ඇසුරෙනි)

Monday, August 10, 2009

නොනිදනා සිත


නොනිදනා සිත ළගින්
කාන්සිය මුදාහල,
ඔබයි දිවියෙහි කවිය
හැමදාම ලියත හැකි...
මියෙදනා සිහිනයක
ඉකිබිදින පැතුම ළග,
ඔබයි නිරතුරැ සවිය
ආදරේ විදිත හැකි...
හුදෙකළා රාත්‍රියේ
කදුළකින් ළය තෙමෙන,
ඔබයි සුවදැති කුසුම
නෙතු වසා සිඹිත හැකි...
නොමියෙනා සෙනෙහසින්
මතකයට වී සුරැකි,
"ඔබයි මගේ ටජ් මහල"
බල බලා මියෙත හැකි...